Stay Home…. Stay Safe…. Save Time & Money…. Get your Sri Lankan grocery delivered to your doorstep. We ship all over the United States, and beyond with remarkable 40%-60% off UPS discount rates. All dry food orders are shipped next business day. Frozen products are shipped Mon-Thu only.



‘Hela Suwaya Dum Hattiya’, Porridge & ‘Attika Panaya’ for Viral Infections - Popular COVID-19 Treatment in Sri Lanka

Regular price $19.99

‘Hela Suwaya Dum Hattiya’, Porridge & ‘Attika Panaya’ for Viral Infections - Popular COVID-19 Treatment in Sri Lanka

Video guide for "Hela Suwaya Dum Hattiya" 
https://www.youtube.com/watch?v=im-1GwIBO4k

හෙළ සුවයෙන් සුව වූ සහ දැනට ප්‍රතිකාර ගනිමින් සිටින රෝගීන් වෙත,

කොරෝනා වෛරසය රටට පැමිණ ඇති බව මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් වූ බව ඔබ අප සැම දන්නා කරුණකි. මේ තාක් ලක්ෂ ගණනක් රෝගීන් හෙළ සුවයෙන් ප්‍රතිකාර ගෙන සුව වී ඇති බැවින් එම සුව වූ රෝගින්ට ද දැනට ප්‍රතිකාර ගනිමින් සිටින රෝගීන්ට ද මෙම පණිවුඩය දෙන්නෙමු.

කිසිවෙක් එම වෛරසයට බිය නොවන්න. ඔබ සැම හෙළ සුවයට පැමිණ ප්‍රතිකාර ගත්තේ වෙනත් ප්‍රතිකාර ක්‍රම වලින් සුව නොවන නිසා ය. එහෙත් හෙළ සුවයෙන් ප්‍රතිකාර කිරීමෙන් හා හෙළ සුවයේ කැඳ පානය කිරීමෙන් මේ වන විට සුව වූ හා එම රෝග මර්ධනය වූ ලක්ෂ සංඛ්‍යාත රෝගී ජනතාවගෙන් කෙනෙක් ඔබ වනු ඇත. එම සුව වීම නිසා ඔබගේ විශ්වාසය හෙළ සුවයේ වෛද්‍යවරුන් කෙරෙහි ගොඩ නැගී ඇති බැව් අපි දනිමු.

ඔබට යම් විදියකින් සෙම්ප්‍රතිශ්‍යාවක ලක්ෂණ හෝ උගුර ආසාදනයක ලක්ෂණ හෝ උණ රෝගී ලක්ෂණ හෝ ඇති වුවහොත් හෙළ සුවය “දුම් හට්ටිය” පරිහරණය කරන්න. මුල් පැය භාගයෙන් පැය භාගයට තුන් වරක් දුම් අල්ලා ඉන්පසු පැය එකහමාරකට වරක් අල්ලන්න. ඔබට සුවය ලැබෙනු ඇත. විශ්වාසයෙන් යුතුව දුම් හට්ටියේ පැකට්ටුවේ දමා ඇති විස්තර පත්‍රිකාවේ ලියා ඇති පරිදි කැඳ ද පරිහරණය කරන්න. ඔබ ඉංග්‍රීසි බෙහෙත් පරිහරණය කල ද කම් නැත. මෙම දුම් හට්ටිය පරිහරණය කිරීමෙන් සුවය ලැබෙනු ඇත

– හෙළ සුවයේ වෛද්‍යවරු

ලංකාව තුල, හෙළ සුවය “දුම් හට්ටිය” පැකට්ටුවේ ඇති ඖෂධ ප්‍රතිකාරය භාවිතා කරන ආකාරය.

( පිට රට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ විදේශිකයින් සඳහා උපදෙස් සඳහා මෙහි පිවිසෙන්න )

  • කර මට්ටමට මි.ලී. 200 වතුර කෝප්ප 16ක් (එකතුව මි.ලී.3200ක්) අල්ලන මැටි මුට්ටියක් ගන්න.
  • එම මුට්ටියට පැකට්ටුවේ ඇති බෙහෙත් සියල්ල දමන්න. කුඩු පැකට්ටු 2ද කඩා කුඩු ටික ද මුට්ටියට දමන්න.
  • එම මුට්ටියටම ගස්ලබු ලපටි කොළ 04ක්, ගස්ලබු මල් 02ක්, ගස්ලබු පොඩි ගැටයක් කැබලි වලට කපා දමන්න.
  • මුට්ටියේ කර ලඟට ඇල් වතුර දමන්න.
  • හොඳින් උතුරවන්න. (සැ.යු. ඉතිරවීමේදී උතුරා පිටතට යාමට ඉඩ නොදෙන්න. උතුරන තුරු මුට්ටිය විවෘතව තබන්න.)
  • බුබුළු දමා උතුරන විට මුට්ටිය ලිපෙන් බාගන්න.
  • ලිපෙන් බාගත් මුට්ටිය මෙම රුපයේ ආකාරයට කකුල් දෙක අසලින් තබා කපු රෙද්දකින් මුට්ටියත් රෝගියාත් සම්පුර්ණයෙන්ම වැසෙන ආකාරයට දමන්න.
  • විනාඩි 3 ක් පමණ දුම මුළු ඇඟටම වදින්නට හරින්න.
  • (සැ.යු. සාමාන්‍ය ආකාරයෙන්ම හුස්ම ගන්න. ආයාසයෙන් හුස්ම ගැනීමට අවශ්‍ය නැත.)
  • දුම ඇල්ලීමෙන් පසු කපු රෙදි කැබැල්ලක් හෝ කුඩා තුවායක් ගෙන බෙහෙත් වතුරෙන් පොඟවා, මිරිකා සම්පූර්ණ කොඳු නාරටියත් අත් සහ පාදවල හන්දි සියල්ලමත් හොඳින් තවන්න.

 

දුම් ඇල්ලිය යුතු වාර ගණන පහත සඳහන් කර ඇත.

ඉහත සඳහන් ආකාරයට,

  • මුලින් පැය භාගයක අතරමැදි විවේකයක් ඇතිව තුන් සැරයක් දුම් අල්ලා තවන්න.
  • ඉන් පසුව පැයක අතරමැදි විවේකයක් ඇතිව තුන් සැරයක් දුම් අල්ලා තවන්න.
  • රෝගියාගේ තත්වය හොඳ අතට හැරී ඇත්නම් පැය 1 ½ අතරමැදි විවේකයක් ඇතිව තුන් සැරයක් දුම් අල්ලා තවන්න.
  • රෝගියා සුව අතට හැරුණු විට දිනකට 4 වතාවක් දුම් අල්ලා තැවීම සෑහේ.
  • උණ හොඳ වුව ද අවම දින 5ක් හෝ උණ හොඳ වී දින 3ක් වත් දුම් අල්ලන්න. කොරෝනා ආසාදනයක් බවට සැකයක්/තහවුරුවක් ඇත්නම් දින 14ක් දක්වා දුම් ඇල්ලීම කළ යුතුයි (එවැනි අවසථාවක පහත දුරකථන අංකය අමතා වැඩිදුර විස්තර ලබා ගන්න).

(සැ.යු. දුම් අල්ලන සෑම වාරයකදී ම දුම් හට්ටිය තුල ඇති බෙහෙත් වතුර ප්‍රමාණය දුම් හට්ටියේ කර ලඟට නැත්නම්, මුට්ටියේ කර ලඟට ඇල් වතුර දමන්න. සෑම විටම ඇල් වතුරෙන් පුරවා උතුරවන්න.)

මෙසේ සාදාගන්නා දුම් හට්ටිය දින 07 ක් භාවිතා කල හැක. දින 07 කට පසු නැවත අලුතින් දුම් හට්ටියක් සකසා ගන්න.

උණ ඇතිවිට හෙළ සුවයේ කැඳ වර්ග, ලුණු කැඳ සහ පොල් කිරි කැඳ සාදා හැකිතාක් පානය කරන්න.

එකම දුම් හට්ටිය පවුලේ සෑම කෙනෙකුට ම හෝ බොහෝ පිරිසකට පරිහරණය කළ හැක. සෑම විටම ඇල් වතුර දමා හට්ටියේ කර ලඟට පුරවා උතුරවා දුම් අල්ලන්න.

 

පොල් කිරි කැඳ සාදන ආකාරය

පාරම්පරික සහල් වර්ග 04 ක් මිටවල් ½ බැගින් මිශ්‍ර කර ගන්න.

එයට පහත ද්‍රව්‍ය එකතු කරන්න.

සුදුළූණු බික් 04 ක් (පොත්ත සමඟ) තලා දමන්න

රතුළූණු ගෙඩි 04 ක් ලියා දමන්න.

කරපිංචා කොළ 20 ක්

උළුහාල් අට 10

සූදුරු ඇඟිලි දෙකකට අහුවෙන ප්‍රමාණය මෙන් දෙගුණයක්

පොල්පලා ගස් දෙකක් (මුල් සමඟ)

අබ ඇඟිලි දෙකකට අහුවෙන ප්‍රමාණය මෙන් එක් ගුණයක්

ඉහත සියල්ල ම එකට දමා වතුර පීරිසි කෝප්ප 15ක් පමණ දමා තැම්බෙන්නට හරින්න. උතුරන විට පොල්කිරි පීරිසි කෝප්ප ½ ක් දමා නටවා අවශ්‍ය පමණ ලුණු දමා ආහාරයට ගන්න. තම්බුනු පසු පොල්පලා ගස් ඉවත් කරන්න.

පොල් කිරි කැඳ වලට අමතරව පාරම්පරික සහල් වර්ග 04 ක් කලවම් කර සාදාගන්නා ලුණු කැඳ ද භාවිතා කළ හැක.